Tuesday, October 12, 2010

ඈ.....(නොදුටු ඉමකින් ඇරයුමක්...) - 03

දිනක් මා නෙතු ඔබව සෙව්වා
නමුදු ඔබ නෙතු නොගැටුනා
නොයෙක් මල් මැද සේවු ඒ මල
නැවත මා හා හිනහුනා

මිතුදමේ දිය පහර කලතා
ප්‍රේමයේ නිල් නෙළුම පිපුනා
නමුදු ඔබ එය නෙලා ගන්නෙද
මගේ දෙනුවන් එදෙස බැලුවා

Sunday, September 26, 2010

ඈ.....(නොදුටු ඉමකින් ඇරයුමක්...) - 02






කිමද ඔබ මා ළග රෑදෙද්දි

මගේ නෙතු ඉවතට නොයෙන්නෙ....

කිමද ඔබ මා දෙස බලද්දි

මගේ මුව මා ගොළු කරන්නෙ....


වදන් පැටලෙයි, සිනා මතුවෙයි

ඔබට පිටුපා යන්න බැරිවෙයි...

ඔබේ සිනහව මුවග රදවා

අහිසක ඔබේ නෙතු බලන්නම්.....


සදක් නම් ඔබ රැයක පැයු

මලක් නම් ඔබ අතග පිපුණු

ගෙවන්නට ඔබ සමග සතුටින

ලැබෙයි නම් මාහට කාලය.....

Monday, September 20, 2010

ඈ.....(නොදුටු ඉමකින් ඇරයුමක්...)

ඔබේ දෙනුවන් ඉගි කරයි මට
නමුදු ඔබ මා පසු කරයි....

ඔබේ සිනහව නැති කරයි දුක්
ගෙනෙයි මා හට මද සිනාවක්....

එහා ඉවුරෙම රැදෙයිනම් ඔබ
මෙහා ඉවුරෙම රැදෙන්නම් මම
සිතුනු දිනයක මාවෙත එන්නට
ඔබේ නිල් නෙතු කියයි මා හට....

බලා ඉන්නම් එන තුරා ඔබ
නොදුටු ඒ ඉම කරා යන්නට
දෑත පටලා ආදරේ ළග
ඔබේ සුවදට තුරුලු වෙන්නට....

Monday, August 16, 2010

ඔබ ඔබම වී මම මමම විය......

තනිව යන්නට බැරිද ජිවිතය දිනන්නට
දිනන්නට බැරි නැනේ තනිව වුව ජීවිතය

පළුවක් දැනෙවි, ඔබ නැතුව ජීවයට
සුසුම් තනි රකිවි ඔබ නැති වු මෙ මට......

දකින්නට සිහිනයක් කවුද පෙන්නුවෙ මට
බිදින්නට ඒ සිහින ඔබද පෙන්නුවෙ මග

විදින්නට ජීවිතය ඔබයි හුරුකලෙ මට
වරද මගෙ වුනු බැවින් දරන්නට හෑකිය මට..................

කියන්නට ඈතත් නොලියන්නට සිතෙයි.....

බොහෝ දේ ඇසුවෙමි කියන්නෙ ඔබ බැවින්
නැගුනු ඒ සිහිනය සැබෑවේ යෑයි තුටින්........

එකට යන්නට සිතිනි සදා ඔබ මගේ බැවින්
එකට යන්නේ කෙලෙස මාද වෙන් වි ගොසිනි......

නැවත ඔබ නොයෙන්නට යන්න ඈතින් ඈත
හැරි යලි නොබලන්න ආදරේ නම් මහට........

Saturday, August 14, 2010

කොතෑනක හිටියත් කෙදිනක හො ඈ හමුවේවි......
වාසනාව තිබුනොත්........

Saturday, July 31, 2010

ලියන්නට පටන් ගත්තෙමි......

ලියන්නට පටන් ගත්තෙමි.
කුමක් ලියන්නද දෑයි නොසිතේ..........