Sunday, September 26, 2010

ඈ.....(නොදුටු ඉමකින් ඇරයුමක්...) - 02






කිමද ඔබ මා ළග රෑදෙද්දි

මගේ නෙතු ඉවතට නොයෙන්නෙ....

කිමද ඔබ මා දෙස බලද්දි

මගේ මුව මා ගොළු කරන්නෙ....


වදන් පැටලෙයි, සිනා මතුවෙයි

ඔබට පිටුපා යන්න බැරිවෙයි...

ඔබේ සිනහව මුවග රදවා

අහිසක ඔබේ නෙතු බලන්නම්.....


සදක් නම් ඔබ රැයක පැයු

මලක් නම් ඔබ අතග පිපුණු

ගෙවන්නට ඔබ සමග සතුටින

ලැබෙයි නම් මාහට කාලය.....

Monday, September 20, 2010

ඈ.....(නොදුටු ඉමකින් ඇරයුමක්...)

ඔබේ දෙනුවන් ඉගි කරයි මට
නමුදු ඔබ මා පසු කරයි....

ඔබේ සිනහව නැති කරයි දුක්
ගෙනෙයි මා හට මද සිනාවක්....

එහා ඉවුරෙම රැදෙයිනම් ඔබ
මෙහා ඉවුරෙම රැදෙන්නම් මම
සිතුනු දිනයක මාවෙත එන්නට
ඔබේ නිල් නෙතු කියයි මා හට....

බලා ඉන්නම් එන තුරා ඔබ
නොදුටු ඒ ඉම කරා යන්නට
දෑත පටලා ආදරේ ළග
ඔබේ සුවදට තුරුලු වෙන්නට....