Monday, September 20, 2010

ඈ.....(නොදුටු ඉමකින් ඇරයුමක්...)

ඔබේ දෙනුවන් ඉගි කරයි මට
නමුදු ඔබ මා පසු කරයි....

ඔබේ සිනහව නැති කරයි දුක්
ගෙනෙයි මා හට මද සිනාවක්....

එහා ඉවුරෙම රැදෙයිනම් ඔබ
මෙහා ඉවුරෙම රැදෙන්නම් මම
සිතුනු දිනයක මාවෙත එන්නට
ඔබේ නිල් නෙතු කියයි මා හට....

බලා ඉන්නම් එන තුරා ඔබ
නොදුටු ඒ ඉම කරා යන්නට
දෑත පටලා ආදරේ ළග
ඔබේ සුවදට තුරුලු වෙන්නට....

4 comments:

  1. ආ.... නොදුටු ඉමක් ගැන කියන්නේ,,,,,
    මේ අපේ අලුත් බැච් එකේ නංගෙක් ගැනවත්ද?

    ReplyDelete
  2. ඔන්න ඉතින් පදයක් හදන්නනේ හදන්නේ
    මෙච්චර අහින්සක මටත්...

    ReplyDelete
  3. This comment has been removed by the author.

    ReplyDelete
  4. අහිංසකකම ගැන නම් කවර කතාද ඉතින් :P

    නරකද මෙහා ඉවුරට වෙලා බලන් ඉනනේ නැතුව එහා ඉවුරට ගියොත්....

    ReplyDelete