Sunday, September 26, 2010

ඈ.....(නොදුටු ඉමකින් ඇරයුමක්...) - 02






කිමද ඔබ මා ළග රෑදෙද්දි

මගේ නෙතු ඉවතට නොයෙන්නෙ....

කිමද ඔබ මා දෙස බලද්දි

මගේ මුව මා ගොළු කරන්නෙ....


වදන් පැටලෙයි, සිනා මතුවෙයි

ඔබට පිටුපා යන්න බැරිවෙයි...

ඔබේ සිනහව මුවග රදවා

අහිසක ඔබේ නෙතු බලන්නම්.....


සදක් නම් ඔබ රැයක පැයු

මලක් නම් ඔබ අතග පිපුණු

ගෙවන්නට ඔබ සමග සතුටින

ලැබෙයි නම් මාහට කාලය.....

10 comments:

  1. අඩේ දැන් බක බක කොටස් වශයෙන් ලියන්න පටන් අරගෙනනෙ...

    මේකත් Mega වැඩක්ද මචන්....?

    ReplyDelete
  2. නැතුව නැතුව ඇයි හොද නැද්ද ?

    ReplyDelete
  3. ඉතින් ඊට පස්සෙ?

    ReplyDelete
  4. ඊට පස්සෙ මොනවා වෙන්නද?

    ReplyDelete
  5. කව්ද මෙ අපේ නුවන් මල්ලිගේ හිතේ ඉන්න කෙනා...........

    ReplyDelete
  6. ඊට පස්සෙ හිතේ ඉන්න කෙනා එක්ක ගොඩ යනවා.......... නැද්ද බක බක මල්ලි.

    ReplyDelete
  7. @ශ්‍යාමිකා

    මල්ලි නෙමේ.... පුතේ කියන්න නැන්දේ....

    ReplyDelete
  8. දුර ඉදන් ආදරය කරන්නට ගිහින් කෙලවිච්ච වාර අනන්තයි..බය නතුව කෙලින්න්ම ගිහින් කතා කරපන්..මොකටද නිකන් හිතින් දුක් විදින්නෙ

    ReplyDelete
  9. දුර ඉඳගෙන නෙමෙයි, මගේ ඇහි පිය යට ඉස්සර ජීවත් වුනේ........ඒ දවස්වල ආදරයට දීපු අර්ථකතන,කියපු සුරංගනා කතා මම අහගෙන හිටියේ කොච්චරනම් ආසාවෙන්ද?මගේ සතුට වෙනුවෙන් ජීවිතයම කැපකරන්නම් කියපු මිනිහා දැන් මම ඉන්න හතර මයිමකට එන්නෙ නෑ.
    නපුරා.............!!!
    දැන් තව කෑලි වලටත් talk කරන හැටි.........නමත් වෙනස් කරගෙන....මගෙන් බේරෙන්න වෙන්න ඇති.
    බලමුකෝ......
    දැනගනින් නපුරු සමනලයෝ...., මමත් වසයි........

    ReplyDelete