Monday, March 14, 2011

ඔබට නොදැනුනත් අනිකුන්ට

නිරන්තරයෙන් ඔබව දුටුවෙමි
කොපුල් සරසා සිනාවෙන්...
දෑස වැසුවත් ඔබේ රුවමයි
රැදී ඇත්තේ දෙනයනේ...


ඔබට වඩා මා ඔබ දෙස බැලුවෙමි,
ඔබේ දෑස් වෙනතකය.
අනෙක් උන් මා දෙස බලන්නේ
මචං කාපන් කියමින්ය.


ඔබේ සිනහවෙන් හද පුරවගෙන
නැවත මා මගේ ගමන යන්නම්.......

Monday, February 28, 2011

ඔබට මව් පදවි ලැබුණත්....

එදා සිතුවෙමි....
පියකු වීමට ඔබ මවක් වන දිනමස්‍දී ....

දෙඅත් අතහැර වෙන්වුනා අපි
එක්ව ගිය මග තනිවෙමින්

ඔබේ තනි මග නිමා කරමින්
ඔබට සෙවනක් හමුවුනා

ඔබේ සෙවනට සිගිත් හසරැළි
ගෙනෙන පු‍තෙකුත් හමුවුණා......

Saturday, January 22, 2011

විභාගය....



පටන් ගත් දවසක්ද නැත...
නිමාවන දවසක්ද නැත....
හිතේ සැකයක්ද ඇත....
බඩු හම්බෙයිද මට....

Wednesday, January 12, 2011

දුර ගමනකදි හොදින් බලන්න......


දුර ගමනකදි හොදින් බලන්න......

දුරින් ලොකුවට පෙනෙන දේවල් ළගට යනකොට පොඩි වෙනවා....................
ළගින් තියෙන පොඩි දේවල් එන්න එන්නලොකු වෙනවා...................

අපේ ජීවන ගමනත් මෙහෙමයි නේද?

පොඩි කරදර ලොකු වෙනවා තේරෙද්දි
දුර තිබුනු‍ ලොකු කරදර කරදරද කියලා හිතෙනවා......

Sunday, January 2, 2011

සත්‍ය මේකද?



ඕනෑම ගමනකදී ඈතින් ඇති දේ ඈත්වෙන්නේ හෙමීට...
ළඟ තියෙන දේ ඉක්මනින් ඈත් වෙනවා....


ජීවිතෙත් ඒ වගේමයි.

ළඟින් ඉන්න අය ඉක්මනින් ඈත් වෙනවා....
දුරින් ඉන්න අය ඈත්වෙන්නේ හෙමීට...