Tuesday, October 12, 2010

ඈ.....(නොදුටු ඉමකින් ඇරයුමක්...) - 03

දිනක් මා නෙතු ඔබව සෙව්වා
නමුදු ඔබ නෙතු නොගැටුනා
නොයෙක් මල් මැද සේවු ඒ මල
නැවත මා හා හිනහුනා

මිතුදමේ දිය පහර කලතා
ප්‍රේමයේ නිල් නෙළුම පිපුනා
නමුදු ඔබ එය නෙලා ගන්නෙද
මගේ දෙනුවන් එදෙස බැලුවා