නිරන්තරයෙන් ඔබව දුටුවෙමිකොපුල් සරසා සිනාවෙන්...
දෑස වැසුවත් ඔබේ රුවමයි
රැදී ඇත්තේ දෙනයනේ...
ඔබට වඩා මා ඔබ දෙස බැලුවෙමි,
ඔබේ දෑස් වෙනතකය.
අනෙක් උන් මා දෙස බලන්නේ
මචං කාපන් කියමින්ය.
ඔබේ සිනහවෙන් හද පුරවගෙන
නැවත මා මගේ ගමන යන්නම්.......
තනි(ක)මට සිතෙන දෙවල්......
නිරන්තරයෙන් ඔබව දුටුවෙමි
එදා සිතුවෙමි....



කිමද ඔබ මා ළග රෑදෙද්දි
මගේ නෙතු ඉවතට නොයෙන්නෙ....
කිමද ඔබ මා දෙස බලද්දි
මගේ මුව මා ගොළු කරන්නෙ....
වදන් පැටලෙයි, සිනා මතුවෙයි
ඔබට පිටුපා යන්න බැරිවෙයි...
ඔබේ සිනහව මුවග රදවා
අහිසක ඔබේ නෙතු බලන්නම්.....
සදක් නම් ඔබ රැයක පැයු
මලක් නම් ඔබ අතග පිපුණු
ගෙවන්නට ඔබ සමග සතුටින
ලැබෙයි නම් මාහට කාලය.....